Home

ආයුබෝවන්

කොරෝනා වෛරස් තත්ත්වය නිසා තෙවන වාර අධ්‍යන කටයුතු අඩාල වූ සෑම ශ්‍රේණියකම දුවා දරුවන්ට තම අධ්‍යයන කටයුතු නොමිලේ ම අඛණ්ඩව කරගෙන යාම සදහා මෙම වෙබ් අඩවිය දායක වනු ඇත. නිවස්වල හුදකලා වී සිටින දුවා දරැව්නට තම හැකියා ලෝකයට ප්‍රදර්ශණය කිරීමට ද මෙම වෙබ් අඩවියේ දොරගුළු විවර වී ඇත.

ආදරණිය ගුරු පරපුරට රටේ දරැ පරපුරට තම දැනුම බෙදාදීම සදහා මෙම වෙබ් අඩවිය වේදිකාවක් වී ඇත. ඔබ නිපුණත්වය දක්වන විෂයයන් වලට අදාලව අදලා ශ්‍රේණිවල තෙවන වාරයට අදාල පාඩම් සකස් කර විඩියෝ ලෙස මෙම වෙබ් අඩවියට ඇතුළු කළ හැක. පාසල් විෂයමාලාවට අමතරව දරුවන්ගේ පෞරැෂ සංවර්ධනය අදාල වන අර්ථවත් වැඩසටහන් සදහා ද මෙම වෙබ් අඩවිය විවෘතව ඇත. පාසල් ගුරැ ප්‍රජාවට අමතරව ඉගැන්වීම් කාර්යයෙහි නිරත වන පෞද්ගලික අංශයේ ගුරු ප්‍රජාවට ද පාසල් විෂයමාලාවේ  විවිධ පාඩම් පිළිබදව තම ප්‍රවීනතාව දක්වන සැම අයෙකුටම කොරෝනා වෛරස් තත්ත්වය නිසා තම අධ්‍යයන කටයුතු අඩාල වී සිටින දුවා දරැවන්ට තම දැනුම බෙදා ගැනීම සදහා දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.

ගුරු ප්‍රජාවගේ ගුණාත්මක සංවර්ධනය සදහා ඵලදායි වැඩසටහන් ද මෙහි අන්තරගත වනු ඇත. ගුරැ ප්‍රජාවට තම විවිධ වු දක්ෂතා ලෝකයට විදහා දැක්වීමට ද මෙම වෙබ් අඩවිය විවෘතව ඇත.

මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට ද තම ආදරණිය දුවා දරැවන්ට තෙවන වාරයට අදාල වු කියාකාරකම් බෙදා හදා ගැනීමට ඉඩ හසර උදාකර ඇත. සිගිති දුවා දරැවන්ට ද තම හපන්කම් ලෝකයට ඉදිරිපත්කිරීමට ඉඩ ප්‍රස්ථා උදා කර ඇත.

කොරෝනා වෛරස් තත්ත්වය නිසා අඩාල වී ඇති අධ්‍යාපන කටයුතු පණ ගැන්වීමට යම් ප්‍රමානයකින් හෝ දායක වීමට මෙන්ම ආර්ථිකමය වශයෙන් හැකියා නොමැති දරුවන්ට මුදල් ගෙවා අන්තර්ජාල දේශණවලට සම්බන්ධවීමට නොහැකි සුහසක් දුවා දරැවන්ට නොමිලේ තම අධයයන කටයුතු සපුරා ගැනීමට මෙම වෙබ් අඩවිය රැකුල් වනු ඇත.

මෙම වෙබ් අඩවිය හරහා ඉටු කරන සමාජ මෙහෙවර සාර්ථක කර ගැනීම සදහා දායක වන ලෙස ඔබ සැමට ගෞරවණීය ආරාධන යයි මේ.